ඉන්දීය මැතිවරණය අතරතුර අන්තර් ජාලය ඔස්සේ වංචනික ක්‍රියාවල නිරත වන්නන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ව්‍යප්තවීම වැලැක්වීමයි ප්‍රධාන අරමුණ. ෆේස්බුක්, ට්විටර් , වට්ස්ඇප් සහ යූ ටියුබ් ඔස්සේ වංචනික ක්‍රියා සිදුවන බවට හඳුනාගෙන තිබෙනවා. මැතිවරණය ආරම්භ වූ පසුගිය අප්‍රේල් 11 වනදා සිට මැතිවරණය අවසන් වන මැයි 19 වනදා දක්වා කාලය ආශ්‍රිතව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.