fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ගෙන ඇති පියවර යුරෝපා සංගමයේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:51

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ගෙන ඇති පියවර යුරෝපා සංගමයේ ඇගයීමට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයිනේ ඇතැම් ස්ථානවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ගෙන ඇති පියවර අගය කරන බව යුරෝපා සංගමය පවසනවා. බොහෝ යුරෝපා රටවලටද පසුගිය වසරවල ත්‍රස්තවාදී ප්‍රහාර හා වෛරී අපරාධ අත්විදීමට සිදු වුණා. එවැනි සිදුවීම් මගින් ජනතාවට සිදු කරන හානිය මෙන්ම ඒ හරහා රටක සමාජයට ඇති විය හැකි දිගු කාලීන අතුරුඵල කෙසේද යන්න තමන් හොදින්ම දන්නා බවයි යුරෝපා සංගමය  නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි.සියලු ශ්‍රී ලාංකියන්ගේ ආරක්ෂාව හා අයිතීන් සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද යුරෝපා සංගමය පවසනවා.  ප්‍රචණ්ඩත්වයට සහ සමාජ නොසන්සුන්තාව මෙන්ම අවිශ්වාසය පතුරුවන අයට එරෙහිව දිගින් දිගටම හඩ නැගිය යුතුයි. ජන වර්ග අතර අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය සදහා සෑම උත්සාහයක්ම ගන්නා ලෙස යුරෝපා සංගමය සියලුම දේශපානික ආගමික සහ වෙනත් ප්‍රජා නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. වැරදි තොරතුරු හරහා ප්‍රචණ්ඩකාරී  ක්‍රියාවලට මග පෑදීමෙන් වලකින ලෙස ජනමාධ්‍ය සහ මෙරට පුරවැසියන් සතුව විශාල වගකීමක් පවතින බවද යුරෝපා සංගමය පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්