fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තයට පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:31

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තයට පිටත්ව යයි

ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග දෙක සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට ස්කොට්ලන්තයට අද (16) පිටත්ව යනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 14 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්ත කණ්ඩායම සමගින් තරග දෙකකට ස්කොට්ලන්තයේදී එක්වනවා. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල පුහුණුවීම් සිදුකළේ ලන්ඩන් නුවරදීයි. එම පුහුණුවීම් අවසන් කර අද(16) ස්කොට්ලන්තයට පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් මහතා අයි ටී එන් ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

දෙරට අතර පළමු තරගය අනිද්දා (19) පැවැත්වෙනවා. දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ලබන 21 වැනිදායි. මෙම තරග දෙකටම ලසිත් මාලිංග එක්වන්නේ නැහැ. ඔහු ලබන 22 වැනිදා කණ්ඩායම සමගින් එක්වන බවයි අසන්ත මෙල් මහතා වැඩිදුරටත් පැවසුවේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්