fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්න – ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:39

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්න – ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම් ඉල්ලයි

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා සහයෝගය ලබාදෙන්නැයි ලෝක සංචාරක සංවිධානයේ(UNWTO) මහ ලේකම් ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව ලෝකයේ සාර්ථක සංචාරක ගමනාන්තයක් බවට පත්වෙලා තියෙනවා කියන එක. ලෝකයේ විවිධ ජාතීන්ට සහ ජනවර්ගයන්ට අයත් සියලුම සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කරනවා. සංචාරක කර්මාන්තය ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා සහ සමාජයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයා තිබෙනවා. පසුගිය දශකයේ ශ්‍රී ලංකාව තුළ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමටත් ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් සංචාරක කර්මාන්තය ප්‍රධාන සාධකයක් වුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය බලාපොරොත්තුවේ මෙන්ම ජාතින් සහ විවිධ ආගම් අතර සහයෝගය වර්ධනය කිරීමේ යාන්ත්‍රණයක්. ඒ නිසයි එය නැතිකිරීම සඳහා සංචාරකයින් වැඩි පිරිසක් පැමිණෙන ස්ථාන කිහිපයක් ද මෙම ප්‍රහාරයේ දී ඉලක්ක කර තිබෙන්නේ. පසුගියදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් සඳහා මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදීමට එක්වන්නැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. සංචාරකයන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හෝටල්, වෙරළ සහ සුන්දර ස්ථාන පෙර මෙන්ම විවෘතව පවතිනවා.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13