හිගුරාන සීනි කම්හලේ නව උක් ඇඹරුම් වාරය ආරම්භ කෙරුණා. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්, ගල්ඔය වැවිලි සමාගමේ අධ්යක්ෂ ඩී එම් එල් බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගල්ඔය වැවිලි සමාගම යටතේ පවත්වාගෙන යන හිගුරාන සීනි කර්මාන්තශාලාවේ අටවෙනි උක් ඇඹරුම් වාරයයි මෙසේ ආරම්භ කෙරුණේ. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී එම් එල් බණ්ඩාරනායක, ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රත්නායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරාත් පෙරේරා යන මහත්වරුන් විසින් යන්ත්‍රයට උක්ගස් දමනු ලැබුවා. උක් ටොන් දෙලක්ෂ අසූදහසක ප්‍රමාණයක් මෙම වසරේදී ඇඹරීමට ගල්ඔය වැවිලි සමාගම සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.