fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:42

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමෙරිකා පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු හේතුවෙනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

ඇමෙරිකා සමාගම් විදෙස් රටවල පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා ගන්නා අවස්ථාවේදී මෙම සයිබර් ප්‍රහාරය එල්ල විය හැකි බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. හදිසි තත්වය ප්‍රකාශ කිරීමට අදාළ නියෝගයට ද ඇමෙරිකා ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. සයිබර් ප්‍රහාරයට ලක්වන සමාගම් පිළිබඳ මෙතෙක් හෙළි කර නැහැ. කෙසේවෙතත් මෙම ප්‍රහාරය චීනයේ දැවැන්ත සන්නිවේදන සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදු වනු ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්