මෝටර් රථ ලියාපදිංචි කිරිමේදී නව රෙගුලාසියක් හදුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට පෙර, භාවිත කරන ලද මෝටර් රථයක් නව ගැණුම්කරුවෙකු යටතේ ලියාපදිංචි කිරිමේදී විකුණුම්කරු පෙනී සිටිම අනිවාර්ය නොවු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ. ඒ වෙනුවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම පෙර පැවති ක්‍රමයයි. එහෙත් නව ක්‍රමය යටතේ ගැණුම්කරු සහ විකුණුම්කරු යන දෙපාර්ශවයම මෝටර් රථය ලියාපදිංචි කරන අවස්ථාවේදී පෙනී සිටිම අනිවාර්ය බව චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.
මෝටර් රථ ලියාපදිංචි කිරිමේදී නව රෙගුලාසියක්
කියවීමට මිනිත්තු 1