fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝග්‍රෑම් 76ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:00

කේරළ ගංජා කිලෝග්‍රෑම් 76ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 76 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.

උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මාමුණේ චැම්පියන්පත්තු ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. සැකකරුවන් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමග යාපනය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo