චීනයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අළුයම දිවයිනට පැමිණියා.
ඊයේ පස්වරුවේ බීජිං නුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන්ග් මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ සිය කනගාටුව පළ කළ චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා – චීන ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රකාශ කළේ එම කරුණු පිළිබඳ තමාගේ ද දැඩි අවධානයක් යොමුව තිබෙන බවත්, ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලු ආකාරයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවයි.
ජනාධිපතිවරු සාකච්ඡා කළ පරිදි, ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරීමට චීන ආධාර ලබාදීම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා පවසාසිටියා.
ශ්‍රී ලංකාවේ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝටි 260ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීම, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු දැක් වූ සහයෝගීතාව වෙනුවෙන් චීන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ මිත්‍රශීලී සියලු රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකා මාතෘභූමිය නිදහස් මෙන්ම සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැඟීමට කටයුතු කරන බවයි.
මේ අතර දෙරටට අදාළ ආර්ථික සහ සංවර්ධන කරුණු රැසක් ද මෙහි දී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලුමක් පවතින බවත්, ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට හැකියාව පවතින බවත් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QnvCam2BdWk”]