fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇළ මාර්ගයක තිබී හමුවූ මිනිස් අස්ථි සහිත බෑගය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:40

ඇළ මාර්ගයක තිබී හමුවූ මිනිස් අස්ථි සහිත බෑගය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

මාදම්පේ මරම්බැටිය ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගත් මිනිස් අස්ථි සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා. ඊයේ සවස මාදම්පේ පොලිසියේ නිලධාරින් මෙම මිනිස් අස්ථි සොයාගත්තා. යම් පුද්ගලයෙකු මිනිස් අස්ථි සහිත මෙම බෑගය ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ. පරීක්ෂණ කටයුතු සදහා මිනිස් අස්ථි සහිත බෑගය හලාවත මහා රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්