fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවට හදිසි තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:08

ඇමරිකාවට හදිසි තත්ත්වයක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ එරට පරිගණක ජාලය විදේශ ආක‍්‍රමණවලින් ආරක්ෂා කරගැනීම සඳහා. විධායක මට්ටමේ නියෝගයක් නිකුත් කරමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ විදේශ සන්නිවේදන සම්බන්ධතා භාවිත කරන සමාගම් රටේ ආරක්ෂාව අවදානමට ලක්කරන බවයි. එහෙත් එවැනි විශේෂිත වූ සමාගමක් පිළිබඳ ඔහු සඳහන් කර නැහැ. කෙසේ වෙතත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එය ප‍්‍රධාන වශයෙන් චීන දුරකථන සමාගම වෙත එල්ල කළ චෝදනාවක් ලෙසයි.

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය තවමත් අවසන්ව නැහැ. මෙම තත්ත්වයට එය ද ඍජුව බලපෑම් කර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ. හදිසි තත්ත්වයට අදාළව ජාතික ආරක්ෂාව අවදානමට ලක්විය හැකි ආකාරයේ ක‍්‍රියාකාරකම්වලට විරුද්ධව කටයුතු කිරිමේ බලය එරට වාණිජ ලේකම්වරයාට පවරා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්