fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇදිරිනීතිය ඉවතට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:04

වයඹට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇදිරිනීතිය ඉවතට

ඊයේ රාත‍්‍රි 7.00ට වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇදිරිනීතිය අද අලුයම 3 ට ඉවත් කෙරුණා. ගම්පහ පොලිස් කොට්ඨාසයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිදිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ, වේයන්ගොඩ, වීරගුල වැලිවේරිය පල්ලෙවෙල සහ යක්කල පොලිස් වසම්වලට ඇදිරිනීතිය ක‍්‍රියාත්මක වුණා. මේවන විට ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ආරක්ෂක අංශ අවධාරණය කරනවා.

ITN News Editor
By ITN News Editor මැයි 16, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්