වෙසක් පොහොය වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසැල් දින හතරක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. ඒ අනිද්දා(17) සිට ලබන සඳුදා (20) දක්වා.
එම කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන සහ පුද්ගලයින් සොයා වැටලීම් කි්රයාත්මක කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.