fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු බේරාගැනීමට රජය කිසිදු අවස්ථාවක කටයුතු කර නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 19:47

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු බේරාගැනීමට රජය කිසිදු අවස්ථාවක කටයුතු කර නැහැ

පටු දේශපාලන අරමුණුවලින් තොරව සියලු දෙනා අත්වැල් බැඳගනිමින් රට ගැන සිතීමේ කාලය උදා වී ඇති බව කතානායක කර ජයසූරිය මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

කතානායක කරූ ජයසූරිය මහතා අස්ගිරි විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද එම අවස්ථාවට එක් වුණා. කතානායකවරයා සහ අමාත්‍යවරුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේද බැහැ දුටුවා. ඔවුන් පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමල්ධම්ම යන අනුනායක ස්වාමීන්වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. කතානායකවරයා සහ අමාත්‍යවරුන් හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගොස් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේද බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහාතා.

වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන  මහතා මෙහිදී අවධාරණය ක‍ළේ මාධ්‍ය සදහා කිසිදු තහංචියක් පනවා නොමැති බවයි. 21 වනදා ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවෙකු බේරාගැනීමට රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට ඇතැමුන්  උත්සාහ දැරුවද  රජය ඊට ඉඩ තබන්නේ  නැති  බවයි අමාත්‍යවරයා  වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ මිනුවන්ගොඩ ප්‍රදේශය වෙත ගිය වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එහි තත්ත්වය සොයා බැලුවා. එම ප්‍රදේශයේ හානියට පත් දේපල පිළිබද සොයා බැලූ අමාත්‍යවරයා ජනතාව හමුවී ඒ පිළිබද තොරතුරුද විමසුවා. නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 19:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්