ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකයින් ඉදිරියේ අවධාරණය කළා. චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ කෙරුණු ආසියා ශිෂ්ඨාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
ආසියා ශිෂ්ඨාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සංවිධාන කෙරුණේ ප්‍රථම වරටයි. එය චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපතිතුමා ද ඊට එක්වුණා. රටවල් 47 ක රාජ්‍ය නායකයින් ඇතුලු නියෝජිතයින් දෙදහසකට වැඩි පිරිසක් සමුළුවට එක්ව සිටියා. ගෝලීය අභියෝග රැසකට මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය සුරැකීමේ අරමුණ ඇතිව මෙම සමුළුව සංවිධාන කර තිබුණා. එහිදී අදහස් හුවමාරු කර ගැනීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් ලබන 22 දක්වා බෙයිජිං නුවරදී පැවැත්වෙනවා.
සමුළුව ඇමතූ ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ඨාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ හා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව මිත්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කර ගත යුතු බවයි. ශිෂ්ඨාචාරයක් තවත් ශිෂ්ඨාචාරයකින් යටපත් කළ නොහැකි අතර ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියාසිටියා.