කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇය අත්අඩංගුවට ගැනුනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සිදු කළ වැටලීමකින්. මෙම කාන්තාව අම්පාර ප්රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32 ක මුදලක් වංචා කර ඇති බවයි විමර්ශන වලින් හෙලි වුණේ. කොලොන්නාවේ පදිංචිකාරිණියක වන ඇය අම්පාර ප්රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.