fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්‍ෂි විමසයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:49

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්‍ෂි විමසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්‍ෂි විමසීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද(15) සිදුකෙරුණා.

පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන අය මෙහිදී විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ ඉදිරිපත් කළා. ඒ අනුව නඩුවේ පැමිණිලි හා විත්ති පාර්ශ්වයේ වාචික දේශන සඳහා දින නියම කිරීමේ අරමුණින් ලබන 23 වනදා නඩුව කැඳවීමට විනිසුරු මඬුල්ල තීරණය කළා.

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්