කැකිරාව, මඩාටුගම ප්රදේශයේ දී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා. තුවාලකරුවන් අතර භික්ෂූන් වහන්සේ නමක ද සිටිනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බවයි වාර්තා වන්නේ. මාතලේ කවටයාමුණ ප්රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අනුරාධපුර ප්රදේශයේ වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි අනතුර සිදුව ඇත්තේ. වෑන් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය පවසනවා.