fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:19

තායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යයි

තායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(16) දිවයිනෙන් පිටත්ව යන බව ජාතික මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරනවා.

බැංකොක් නුවරදී පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 18 වනදා සිට දින 4 ක් පැවැත්වෙනවා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 4 දෙනෙකු හා ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු එක්වනවා. මීටර් 400 ඉසව්වට එල් පී ගුණරත්න එක්වන අතර මීටර් 110 කඩුලු මතින් පැන දිවීමේ තරගයට එක්වන්නේ රොෂාන් ධම්මකයි. මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයට ඒ එල් අයි රත්නසේන එක්වනවා.

ක්‍රීඩිකාවන් ලෙස මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයට ඩබ්ලිව් වී එල් සුගන්ධි එක්වෙද්දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයට එක්වන්නේ ජී ඒ එස් දුලානි ක්‍රීඩිකාවයි. දුර පැනීමේ තරගයට සාරංගි සිල්වා සහභාගිවීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 15:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්