ඉන්දියාවේ වායුසමීකරණ යන්ත්‍රයක පිපිරීමකින් 3 දෙනෙකු ජිවිතක්ෂයට
Related Articles
ඉන්දියාවේ විල්ලුපුරම් ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
වායුසමීකරණ යන්ත්‍රයක පිපිරීමක් හේතුවෙන් ගින්නක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවටයි මුලික පරීක්ෂණවලදී හෙළි වුනේ. එහෙත් නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ඉන්දීය පොලීසිය සඳහන් කළා