fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යළි වෙළඳ යුද්ධයක් ඇතිනොවන බවට චින ජනපති සහතික වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:33

යළි වෙළඳ යුද්ධයක් ඇතිනොවන බවට චින ජනපති සහතික වෙයි

යළි වෙළඳ යුද්ධයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබන බව චීන ජනාධිපති ෂී ජින්ෆින් ප‍්‍රකාශ කලා. චීන භාණ්ඩ සඳහා ඇමරිකාව තීරුබදු පැනවීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුමක් මතුවිය හැකි බවටයි බොහෝ පාර්ශ්ව සැක පළ කළේ. එහෙත් වෙළඳ යුද්ධයක් ඇතිකරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ආසියානු ශිෂ්ඨාචාරයන් පිලිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. පවතින තත්වය සම්බන්ධයෙන් ඇමරිකාව සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි ෂී ජින්පින් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්