fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගෙන් පොලීසියට නියෝගයක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 13:31

අගමැතිගෙන් පොලීසියට නියෝගයක්

ප‍්‍රචන්ඩකාරී ක‍්‍රියාවල නිරතවූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසී යටතේ පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පොලීසියට නියෝග කර තිබෙනවා.

මැයි මස 12 සහ 13 දෙදින ඇතිවූ නොසන්සුන්තාව ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කලේ. එම සිදධීන්වලට සම්බන්ධවූවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පන ත යටතේ චෝදනා ගොනුකරන ලෙසටයි අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායම් දෙකක් ද සිද්ධිය පිලිබඳ පරීක්ෂණ මෙභෙයවීමට කොළඹින් පිටත්ව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්