ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත්කර තිබෙනවා. ඒ සේවයේ අවශ්‍යතාව මත. වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මීට පෙර ද ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවති බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.