Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
ද ෆිනෑන්ස් පෞද්ගලික සමාගම නියාමනය කිරීමට මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග රැසක්
Related Articles
ද ෆිනෑන්ස් පෞද්ගලික සමාගම නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් බලාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ලබන 15 වනදා සිට මාස තුනක කාලයක් සඳහායි.
ද ෆිනෑන්ස් ආයතනය ඉදිරිපත් කළ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබද සළකා බැලීම සදහායි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම නියාමන ක්‍රියාමාර්ග දීර්ඝකර තිබෙන්නේ. ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් නව තැන්පතු භාරගැනීම හා ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්රදානය අත්හිටුවීම ආදිය මේ අතර වනවා. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදුකෙරෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු 0112 477 573 හෝ 0112 477 504 යන දුරකතන අංක මගින් ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.