fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනිසුරුවරුන්ගේ වගකීම පිළිබඳ නව අගවිනිසුරුගෙන් පැහැදිලි කිරීමක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:33

විනිසුරුවරුන්ගේ වගකීම පිළිබඳ නව අගවිනිසුරුගෙන් පැහැදිලි කිරීමක්

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීම සදහා පවත්වන චාරිත්‍රානුකූල නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15) පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරුවරයා ලෙසට ලද පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල ප්‍රකාශයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසා සිටියේ විනිසුරුවරුන් ලෙසට කටයුතු කිරීමේ දී මහජන විශ්වාසය ඇතිවන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. එක් විනිසුරුවරයෙකුගේ ක්‍රියාවක් සමස්ත අධිකරණ පද්ධතියටම බලපාන බැවින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා මහජනයාගේ විශ්වාසය තහවුරුවන ආකාරයට කටයුතු කිරීම විනිසුරුවරුන්ගේ වගකීම බවද නව අගවිනිසුරුවරයා ප්‍රකාශ කළා.

විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය මහජනයා තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට හේතුවන බවද ඔහු කියාසිටියා. ජයසූරිය මහතා වසර 35 ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවට කළ සේවය මෙහිදී ඇගයීමට ලක්වුණා. නීතිපති දප්පුලද ලිවේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo