fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුම්මෝදර ගැටුම් සිදුවන විට බලා සිටියේ සැබෑ හමුදා නිලධාරියෙකු ද?

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:03

තුම්මෝදර ගැටුම් සිදුවන විට බලා සිටියේ සැබෑ හමුදා නිලධාරියෙකු ද?

තුම්මෝදර ප්‍රදේශයේ කළහකාරී සිදුවීම් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටි ආරක්ෂක අංශ නිල ඇදුමකට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයා පිළිබද යුද හමුදාව පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ආරක්ෂක අංශ නිල ඇදුමකට සමාන නිල ඇදුමෙන් සැරසී සිටි මෙම පුද්ගලයා පිළිබද වීඩියෝ දර්ශන සමාජ ජාලවල ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබද යුද හමුදාවේ දැඩි අවදානය යොමුවී තිබෙනවා. මෙම පුද්ගලයා ගැටුම් ඇති කිරීමට අනුබල දෙන ආකාරයෙන් හැසිරෙන බවකුයි එම දර්ශන වල දැකගත හැක්කේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වෙන අතර වීඩියෝවේ ඇතුළත් ආරක්ෂක සාමාජිකයෙකු යැයි සැකකෙරෙන පුද්ගලයා හදුනා ගැනීමට යුද හමුදාව මහජන සහාය අපේක්ෂා කෙරෙනවා. දැනට පැවැත්වෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනය සදහන් වන්නේ.

මෙම පුද්ගලයා පිළිබද යම් තොරතුරක් වෙතොත් යුද හමුදා පොලිස් හේවා බලකායේ 0112 514 280 දරණ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්