ශ්රී ලංකාවේ වයඹ පළාතේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කණගාටුව පළ කර තිබෙනවා. නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සදහා කඩිනමින් ආරක්ෂක අංශ යෙදවීමට රජය ගත් පියවරද එම සංවිධානය ඇගයීමට ලක් කළා.
මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසදා ගැනීම සදහා රජය, විපක්ෂය, සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ හා සර්ව ආගමික කණ්ඩායම් සියල්ල එක්විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ. එසේ නොවුනහොත් එම තත්ත්වය උග්ර වනු ඇති බවට ඔවුන් අනතුරු අගවනවා.
ශ්රී ලංකාව පවතින කම්පනකාරී කාලපරිච්ඡේදයෙන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දරන මොහොතක මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමෙන් රට යළි පසුපසට ඇද වැටීමක් සිදුවන බව ද ඔවුන් පෙන්වා දෙනවා. වගකිවයුත්තන් නීතියට හමුවට පමුණුවා නීතිය උපරිමයෙන් ක්රියාවට නංවන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට දැනුම් දෙනවා.