fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 10:39

වයඹ පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ඇරඹෙයි

වයඹ පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු අද (15) යළි ආරම්භ කෙරුණා.

කලහකාරී සිද්ධීන් කිහිපයක් හේතුවෙන් වයඹ පළාතට පොලිස් ඇදිරිනීතිය පනවනු ලැබුවා. කෙසේ වුවත් ඊයේ (14)  පස්වරු හයේ සිට පැන වූ පොලිස් ඇදිරිනීතිය අද(15) උදෑසන ඉවත් කෙරුණා. පාසල් යළි ආරම්භ කෙරුණු අතර අධ්‍යයන කටයුතු සදහා සිසුන් පාසල් වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර වයඹ පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු ද අද (15) සුපුරුදු පරිදි යළි ආරම්භ කෙරුණා. ප්‍රදේශය පුරා සාමකාමී වාතාවරණයක් පවතින අතර පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2019 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්