පළමු වරට කාන්තාවක් සහිත යානයක් සඳට යැවීමට නාසා ආයතනය සැලසුම් කළා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ 2024 වසරේදී. එය ආර්ටෙමිස් ලෙසයි නම්කර තිබෙන්නේ. එය ග්‍රීක දෙවඟනකගේ නමක් බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා.
ඒ අනූව නව වැඩපිළිවෙල ඓතිහාසික ක්‍රියාවලියක් බවයි නාසා ආයතනය පවසන්නේ. ඉදිරි අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා ඔවුන්ට ඩොලර් බිලියන 1.6ක මුදලක් වෙන්කිරිමට ඇමරිකාව තීරණය කළා. සඳ ගවේශනය එහි මුලික ඉලක්කයක්. මේ වනවිට සඳ මත ඇවිද තිබෙන්නේ මිනිසුන් 12 දෙනෙකු පමණයි. අවසන් වරට 1972 වසරේ යානයක් සඳ මතට ගොඩබස්වා තිබෙනවා.
ඒ අනූව එහි චාරිකාවක නිරත වන පළමු කාන්තාව ද ඇමරිකා ජාතිකයෙක් බවයි නාසා ආයතනය පවසන්නේ.