fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමිත්, ඩෑන්, නාමල් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 18:50

අමිත්,  ඩෑන්,  නාමල් අත්අඩංගුවට

වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක සහ මිනුවන්ගොඩ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කළ බවට සැකපිට 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව සිංහල ජාතික සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටින ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර නාමල් කුමාරගේ සහ අමිත් වීරසිංහ ද අද (14) අත්අඩංගුවට ගැණුනා.

අද (14) කුරුණෑගල පොලිසියට පැමිණි අවස්ථාවේදී නාමල් කුමාර අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේ නාමල් කුමාර විසින් හඩ පට රැසක් මාධ්‍යයට මුදා හැරි අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වී තිබුණා. කූඨ ලේඛන සකස් කර ගුවන් හමුදාවට එක්වීමත් පුහුණුව ලබන අතරතුර පළායාමත් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් ද  විභාග වෙමින් තිබුණා. අධිකරණය මගින් ඇප ලබා සිටියදීයි ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මේ අතර මහසෝන් බලකායේ නායකයා ලෙස පෙනී සිටි අමිත් වීරසිංහ නමැත්තාද විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්