fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය ඩී එම් අමරතුංග මහතාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:07

වෛද්‍ය ඩී එම් අමරතුංග මහතාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත වූ වෛද්‍ය ඩී එම් අමරතුංග මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා.

දේහය තැන්පත් කර තිබූ රබෑව නිවස වෙත ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කළා. මැති ඇමතිවරු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩී එම් අමරතුංග මහතා මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරමින් සිටි අතර ජනතා ගෞරවයට පාත්‍ර වූ ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් වනවා.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු රබෑව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී අද(14) පස්වරුවේ සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්