WhatsApp භාවිතා කරන්නන්ගේ තොරතුරු සොරා ගැනීමේ සැලසුමක් හෙළි වෙයි
Related Articles
වට්ස්ඇප් භාවිතා කරන්නන්ගේ තොරතුරු නීතීවිරෝධී ලෙස ලබාගැනීමට උත්සාහ කිරීමක් පිළිබඳව එම සමාගම හෙළිකරගෙන තිබෙනවා.
ඉතා දක්ෂ සයිබර් ප්‍රහාරකයෙකු මීට සම්බන්ධ බවට මෙම සමාගම තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. වට්ස්ඇප්, ෆේස්බුක් සමාගමේ තවත් සමාජ මාධ්‍ය ජාලයක්. ඔවුන් සඳහන් කරන්නේ තෝරාගත් වට්ස්ඇප් භාවිත කරන්නන් සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුකිරීමට සැළසුම්කර තිබූ බවයි. ලබන සිකුරාදා එය සිදුකිරීමට සැලසුම්කර තිබූ බවටයි හෙළිවී තිබෙන්නේ. මෙම ප්‍රහාරය පිළිබදව තොරතුරු හෙළි කරගෙන තිබෙන්නේ මෙම මස මුල් භාගයේදීයි.