fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂණයෙන් තොර ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ICC යෙන් විශේෂ වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 15:10

දූෂණයෙන් තොර ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ICC යෙන් විශේෂ වැඩපිලිවෙලක්

දූෂණයෙන් තොර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාවට නංවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 16 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන කණ්ඩායම් 10 ට වෙන වෙනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් යොමු කිරීමටයි  තීරණය කර ඇත්තේ. ඔවුන් ක්‍රීඩකයින් හා නිලධාරීන් වෙන වෙනම නිරීක්ෂණයට ලක් කරනු ඇති. පුහුණුවීම් හා තරගවලට අමතරව ක්‍රීඩකයින් රැදී සිටින හෝටල්ද මේ යටතේ නිරීක්ෂණයට ලක්වනවා. මීට පෙර දූෂණ මර්ධන ඒකකයේ නිරීක්ෂණයට ලක්වුනේ තරග පමණයි. මෙවර කණ්ඩායම් පිලිබද වෙන වෙනම අවධානය යොමුකිරීමට කටයුතු කර ඇත්තේ දූෂණයෙන් තොර තරගාවලියක් වෙනුවෙන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය වෙනුවෙන් විශේෂ පුහුණු සැසියකට මිඩ්ල්සෙක්ස්හිදී මේ දිනවල එක්වනවා. කණ්ඩායම හොද ශරීර සුවතාවයකින් පසුවන බව ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 15:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්