fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය කඩකල පුද්ගලියන් 22 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 14:03

ඇඳිරිනීතිය කඩකල පුද්ගලියන් 22 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් ඇදිරිනීතිය කඩකල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලියන් 22 දෙනෙකු මාරවිල හා මිනුවන්ගොඩ ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ඇදිරිනීතිය පනවමින් වයඹ පළාතේ සාමය ආරක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. මාරවිල, නාත්තණ්ඩිය, මහවැව, හත්තිනිය හා කටුනේරිය යන ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානවල රැදී සිටිමින් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 13 දෙනෙකු අතඅඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් භාරයට ගනු ලැබුවා. ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි නීති රෙගුලාසි යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදනවලට අනුව බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස කලහකාරී ලෙස හැසිරෙන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්