ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරග සැප්තැම්බර් 02වනදා ආරම්භ කිරීමට ජාතික මළල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.
ජාතික කණිෂ්ඨ මළල ක්‍රිඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩා පිටියේදී ලබන 30 වනදා සිට දින හතරක් පැවැත්විමට සැලසුම් කර තිබුණා. එහෙත් ආරක්ෂිත හේතුන් මත තරගාවලිය කල් දැමිමට ජාතික මළළ ක්‍රිඩා සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. මේ අනුව එය ලබන සැප්තැම්බර් මස දෙවනදා සිට හතරවනදා දක්වා දින තුනක් සුගතදාස ක්‍රිඩා පිටියේදීම පැවැත්විමට සැලසුම් කර ඇත්තේ. ආසියා කණිෂ්ඨ මළළ ක්‍රිඩා තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර කණිෂ්ඨ මළල ක්‍රිඩා තරග සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරා ගැනිම මෙම තරගාවලියේදී සිදු වනවා.