උතුරු කොරියාව ඇමරිකාවට චෝදනා කළා. ඒ ඔවුන්ගේ වෙළෙද නෞකාවක් ඇමරිකාව භාරයටගැනීම හේතුවෙන්. නීතිවිරෝධී ලෙස ගල් අගුරු ඇතුලු ද්‍රව්‍ය ඉන් ප්‍රවාහනය කළ බවයි ඇමරිකාව පවසන්නේ. එය ඔවුන්ට පනවා තිබූ සම්බාධක උල්ලංඝණය කිරීමක්.
කෙසේවෙතත් මෙම ක්‍රියාව නීතිවිරෝධී කොල්ලකෑමක් ලෙසට හැදින්විය හැකි බවයි උතුරු කොරියාව සදහන් කළේ. න්‍යෂ්ටික වැඩසටහන් පිලිබදව දෙරට අතර අවස්ථා දෙකකදී සාකච්ඡා පැවැත්වුණා. කෙසේවෙතත් අවසන්වරට පැවැත්වූ සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඑලයක් අත්නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මෙම නෞකාව කඩිනමින් තමන්ට භාරදෙන ලෙසටත් උතුරු කොරියාව ඇමරිකාවට දැනුම් දුන්නා.