fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවිශ්ක සැරසෙයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:13

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවිශ්ක සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගේ සේවය අත්හිටුවීම පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති ටීටෙන් ලිග් තරගාවලියේ ක්‍රිඩකයින්ට බලපාන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධවයි. දූෂණ විරෝධි නීති සංග්‍රහයේ වගන්ති දෙකක් යටතේ මෙලෙස ඔහුට චෝදනා එල්ලකර තිබෙනවා. ඒ අනුවයි ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධවීම ඔහුට අත්හිටුවීමට පියවර ගැනුණේ. කෙසේ වෙතත් අවිශ්ක ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන්ට චෝදනා ගොනුකර ඇත්තේ කණ්ඩායමෙන් ඉවත්කළ ක්‍රීඩකයෙකුගේ පැමිණිල්ලකට අනුව බවයි. මීට පෙර සනත් ජයසුරිය සහ  දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් නියම කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 12:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්