fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට යථාතත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:31

රට යථාතත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි

රට යථාතත්ත්වයට පත් කිරිම සදහා සියලු දෙනා සාමකාමීව හා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණතරන ස්වාමින් වහන්සේ පවසනවා. ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පංචවිධ සැළැස්ම පිළිගැන්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ  බව ප්‍රකාශ කළේ.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ජාතික මහසභාව පංචවිධ සැළැස්ම සකස් කර තිබෙනවා. එය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ වෙත පිලිගැන්වීම    සිදු කෙරුණා. අස්ගිරි  පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේට පංචවිධ සැළැස්ම පිළිගැන්වූයේ ඉන් අනතුරුවයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්