fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති හරසරින් පිලිගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 11:24

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති හරසරින් පිලිගැනේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන මහතා පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ හතරවන සභාපතිවරයා වශයෙන් නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන මහතා පත් වුනා. ඒ මහතා පිළිගැනීමේ උත්සවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්