බන්ධනාගාර රැදවියෙකු ළඟ තිබි සිම් කාඩ් පත් 10ක් හමු වී තිබෙනවා.
දුම්බර බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියෙකු ආරක්ෂක අංශ පරික්ෂාවට ලක්වුණා. එහිදී මෙම සිම් කාඩ් පත් හමුවූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා බන්ධනාගාර පොලිස් නියාමකවරුන්ට භාරදී තිබෙනවා.