fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 09:56

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය ජයග්‍රහණය කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්.

ඩබ්ලින්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 247ක් රැස් කළා. ෂායි හෝප් ලකුණු 87යි. පන්දුයැවිමේදී බංග්ලාදේශ කණ්ඩායමේ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 04ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර හතලිස් හතයි පන්දු දෙකක් අවසානයේ කඩුලු 05ක් දැවි ජයග්‍රහාහි ඉලක්කය පසුකළා.  ඒ අනුව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනිමට බංග්ලාදේශය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් සහභාගි වූ තරග 03න් දෙකක් ජයගනිමින්. දෙවන ස්ථානය කොදෙව්වන්ටත්, තුන්වන ස්ථානය අයර්ලන්තයටත් හිමිව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2019 09:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්