ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා මල්වතු අස්ගිරි මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ගොඩ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීණ්වහන්සේ බැහැදුටුවා. අනතුරුව අස්ගිරි විහාරය වෙත ගිය ආරක්ෂක ලේකම්වරයා මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මාධ්‍ය හමුවේද ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IZ9AewCQtOg”]