හදවත් යා කරන රන් මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන අද (12) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුනා. දිවයින පුරා මාර්ග සංවර්ධනය ඉලක්ක කර ගනිමිනුයි මෙම සංවර්ධන සංග්‍රාමය ක්‍රියාත්මක වන්නේ.
මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක හදවත් යා කරන රන් මාවත් ව්‍යාපෘතිය හරහා රත්නපුර දෙමුවාවත වසර 75 ක් පැරණි කම්බි පාලම වෙනුවෙන් මංතීරු දෙකකින් යුත් නව පාලමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම පාලම සදහා රුපියල් මිලියන් 182 ක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වෙන් කර තිබුණා.
දෙමුවාවත නව පාලමට සමාන්තරව මං තීරු දෙකකින් යුතු මාර්ගයක්ද ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙය රත්නපුර නගරය පසුකර යෑමේ විකල්ප මාර්ගයක ලෙස ඉදිවන අතර මේ හේතුවෙන් ඉදිරියේදී නගරයේ මාර්ග තදබදය විශාල වශයෙන් අඩුවනවා. හදවත් යාකරන රන්මාවත් මාර්ග ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ක්‍රමානුකූලව මාර්ග පද්ධති දියුණු කරමින් නගර දියුණු කිරීම සදහා කටයුතු කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ajt4nkoVPG0″]