fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 79 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 10:59

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 79 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

උතුරු මුහුදේදී කේරල ගංජා කිලෝග‍්‍රෑම් 79 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි නාවික හමුදාව සඳහන් කළේ.

යාපනය වෙත්තලකේනි ප‍්‍රදේශයේදී උතුරු නාවික විදානයට අයත් සෙබලුන් සිදුකළ සෝදිසියකදී ඩිංගි යාත‍්‍රාවකින් උතුරු මුහුදු සීමාවට රැගෙන එමින් තිබූ මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත්තා.

ඒවා ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සැකකරුවන් සහ කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 12, 2019 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්