fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 18:49

කිසිදු මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත්තේ.

පසුගිය 21 වන දින රට තුළ උද්ගත වූ අවාසනාවන්ත තත්ත්වයත්  සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ තොරතුරු ජනතාවට ලබා දීම සඳහා සියලු ජනමාධ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් පොලිස් හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළත් වූ විධිමත් යාන්ත්‍රණයක් ආරම්භ කළා. එම තොරතුරු ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැත්වුණා.

දෛනික ජන ජීවිතය යථාවත් කිරීම සදහා මාධ්‍යයයේ සමාජ වගකීම හා කාර්ය භාරය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුනු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. වැටලීම්වලදී සොයා ගන්නා කඩු කිනිසි ආදියෙහි තහවුරු නොකළ දර්ශන විකාශය හා පළකිරීම පිළිබද අදහස් හුවමාරු වූ බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සදහන්. එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම වූයේ අනවශ්‍ය ලෙස මහජන කැලඹීම් හා ජනතාව භීතියට පත්වීම වැළැක්වීම සදහා පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් නිකුත් කරනු ලබන හෝ තහවුරු කළ දර්ශන පමණක් විකාශය හෝ පළකරන ලෙසයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික වගකීමක් ලෙස සලකා මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

 

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්