fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සදහා වන්දි ලබා දීමේ තවත් අදියරක් අද

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 18:22

බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සදහා වන්දි ලබා දීමේ තවත් අදියරක් අද

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සදහා වන්දි ලබා දීමේ තවත් අදියරක් අද (11) ක්‍රියාත්මක වුණා.

පසුගිය විසි එක්වනදා දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන අටකට එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි.

ඒ අනුව ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් මේ දක්වා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රජය ලබා දී ඇති මුදල රුපියල් මිලියන 66ක්. වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුවුණේ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග හා රවී කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 11, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්