නල්ලතන්නිය නගරයේ එක් කලාපයක් පූජා නගරයක් ලෙස ද තවත් කලාපයක් නව නගරයක් ලෙස ද සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මස්කෙළිය හා නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. අග්‍රාමාත්‍යවරයා තවත් වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා.
මස්කෙළිය නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති සාකච්ඡාව සංවිධාන කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ කේ පියදාස මහතායි. රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා. ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට නීත්‍යානුකූල ඉඩම් හිමිකම නොමැතිවීමේ ගැටලුව විසඳීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් කඩිනමින් පවත්වන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MK52zc-f0_E”]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මස්කෙළිය සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකට ද එක්වුණා. පළමුව එම භූමියේ ඇති බුදු මැදුරට ගොස් අග්‍රාමාත්‍යවරයා මල් පූජා කිරීමෙන් අනතුරුවයි ආශිර්වාද පූජාවට සහභාගි වුණේ.