ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කෙරෙහි විශ්වාසය තබා සාමාන්‍ය පරිදි කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආරක්ෂක ලේකම්වරයා මෙම ඉල්ලීම සිදුකළේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාසල්, සිද්ධස්ථාන, සංචාරක හෝටල් මෙන්ම විශේෂිත ස්ථානවලද ආරක්ෂාව පූර්ණ වශයෙන් තහවුරු කර ඇති අතර ආරක්ෂක අංශ ලබාදෙන තොරතුරු පමණක් පිළිගන්නා ලෙසත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bKoCHsPgkQI”]