පාස්කු ඉරිදා ප්‍රහාරය ලෝක බලවතුන්ගේ යුද්ධයක ප්‍රතිඵලයක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකදී උන් වහන්සේ මේ බව කියා සිටියා.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ජාතික මහා සභාවයි මෙය සංවිධාන කළේ. මෙහි පළමු පිටපත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේට සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වුණා.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සහ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RNkeszf1dKE”]