ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට තුර්කියේ පූර්ණ සහාය
Related Articles
ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ බව සදහන් කළා.
තුර්කි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙදාත් ඕනාල් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත් ත්රස්තවාදයට එරෙහි පියවර ගැනීමේදීත් තුර්කිය ශ්‍රී ලංකාව සමග එක්ව සිටිනවා.
මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන්නැයි තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් හා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. දෙරට අතර ආර්ථික බුද්ධි අංශ හා හමුදාමය සහයෝගීතාව තර කර ගැනීමටද තුර්කි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී කැමැත්ත පළ කළා.
දෙරට අතර ආරක්ෂක වෙළෙද ආයෝජන හා සංචාරක යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.